මතුගම ප්‍රදේශයේ මාස තුනහමාරක් වයසැති කුඩා බිළිඳියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනේ.

මතුගම වලල්ලාවිට ප්‍රදේශයේ මාස තුනහමාරක් වයසැති කුඩා බිළිඳියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම දියණියගේ නැන්දණිය වෛරස ආසාදිතයෙකු බවත්, ඇයගෙන් මෙම දියණියට වෛරසය ආසාදනය වී ඇති බවටත් සැක කෙරෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මෙම දැරියට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඇයගේ මවද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සිදුකල PCR පරීක්ෂණ වාර්තා වලින් අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට බිළිදිය සහ ඇයගේ මව කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Related posts

Leave a Comment