අද කාලගුණ අනාවැකිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ නැගෙනහිර පළාත් වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

Leave a Comment