අපනයනකරුවන් අනතුරු අඟවයි

මෙරට ක්ෂේත්‍ර රැසක අපනයනකරුවන් ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

ඒ, රට තුළ පවතින වාතාවරණයත් සමඟ සිදුවී ඇති බලපෑම් සම්බන්ධයෙනි.

වැටීගෙන යන ආර්ථික තත්ත්වය සමඟ බොහෝම අනතුරුදායක තත්ත්වයක් දක්නට ලැබෙන බව අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් රොහාන් මාසකෝරාල මහතා සඳහන් කළා.

එමෙන්ම ඔවුන් රජයට, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පක්ෂ නායකයින්ටත් කථානායකවරයා හරහා ලිපියක් යොමුකර තිබෙනවා.

11 වෙනිදා වන විට IMF යාමට අවශ්‍ය ආරක්ෂණ දැල සාදා ගැනීමට අවශ්‍ය කරුණු වන රට ස්ථාවර කර ගැනීම, දේශපාලන පසුබිම, දේශපාලන ගමන ඉදිරියට ගෙනයාම, කැබිනට් මණ්ඩලය සාදා ගැනීම, රජයේ යාන්ත්‍රණය සාදා ගැනීම සිදු කළ යුතු බවද ඔවුන් පවසනවා.

Related posts

Leave a Comment