Internet Explorer සදහටම සමුගනියි

Microsoft සමාගම සිය නිරූපිත වෙබ් බ්‍රව්සරය වන Internet Explorer සඳහා ලබාදෙන සහය අද (15) සිට නිල වශයෙන් අවසන් කර තිබෙනවා.

IE හෝ MSIE ලෙසද හැඳින්වෙන Internet Explorer, Windows 95 සඳහා ඇඩෝන පැකේජයක කොටසක් ලෙස 1995 දී ප්‍රථම වරට නිකුත් කර තිබෙනවා.

1995 සිට 2013 දක්වා, සමාගම එහි වෙබ් බ්‍රවුසින් මෘදුකාංගයේ අනුවාද 11ක් නිකුත් කළා.

එහි අවසාන අනුවාදය වූයේ 2013 දී නිකුත් කරන ලද Internet Explorer 11යි.

Related posts

Leave a Comment