Squid Game යථාර්තයක් වෙයි

Netflix විසින් අලුතින් ප්‍රකාශයට පත් කරන ලද රියැලිටි රූපවාහිනී වැඩසටහන Squid Game: The Challenge ලෙස නම් කර තිබෙනවා.

එම වැඩසටහන Squid Game මාලාවෙන් ආභාෂය ගනිමින් සකස් කර ඇති බව එම ආයතනය සඳහන් කළා.

එමෙන්ම මේ සඳහා සහභාගිවන්නන් 456ක් සඳහා අවකාශය සකස් කරන අතර ඩොලර් මිලියන 4.56ක ත්‍යාග මුදලක් ලබා දීමටද සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, දකුණු කොරියානු ප්‍රබන්ධ කතා මාලාවේ මෙන් නොව, පුද්ගලයන් සඳහා ජීවිත අවධානමක් නොමැති බවද සඳහන්.

එමෙන්ම සහභාගීවන්නන්ට අත්වන නරකම ඉරණම හිස් අතින් ගෙදර යාම බව Netflix ආයතනය පවසනවා.

මෙම රියැලිටි වැඩසටහන එක්සත් රාජධානියේ රූගත කෙරෙන අතර දැනට ඉංග්‍රීසි කතා කරන්නන් පමණක් සහභාගී කර ගැනීමට බලාපොරොත්තු වනවා.

එමෙන්ම මෙම වැඩසටහන කොටස් 10 කින් යුක්ත වන බවද සඳහන්.

Related posts

Leave a Comment