ව්‍යාජ සමාජ ජාල ගිණුම් හා සාවද්‍ය තොරතුරු වලට දඩ

සමාජ මාධ්‍ය ජාලා නියෝජිතයින් සහ යුරෝපා සංගමය අතර පැවති සාකච්ඡාවකදී ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්‍ය ජාල කිහිපයක් එකඟතාව පළ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙටා, ගූගල්, ට්විටර් සහ මයික්‍රොසොෆ්ට් යන සමාගම්වල නියෝජිතයින් මේ සඳහා සහභාගී වී ඇති බවයි.

මෙහිදී අවධානය යොමුව තිබෙන්නේ ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව දඩ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කරන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවයි යුරෝපා සංගම් නියෝජිතයින් එහිදී සඳහන් කර ඇත්තේ .

Related posts

Leave a Comment