ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (22) පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී ඔහු දිව්රුම් දීමට නියමිතයි.
ඒ, බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.
මේ අතර ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා.
