ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති සිව්වන එක්දින තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (22) සමත් වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතු වී තිබෙනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පරාජයට පත්වුණේ වසර 30කට පසුවයි.

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 258ක් රැස් කර ගැනීමට සමත් වුණා.

නමුත් පිළිතුරු ඉනිම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 254ක් පමණි.

Related posts

Leave a Comment