රේගුව ගැන අවසන් පරීක්ෂණ වාර්තාවට ජනාධිපතිට භාර දේ

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් ජනාධිපතිට භාර දී තිබෙනවා.

ඒ, අද (22) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දීයි.

මෙම වාර්තාව නිර්දේශ 117කින් හා පිටු 530කින් සමන්විත වන බව වැඩිදුරටත් සඳහන්.

වගකීම් ඉටු කිරීමේ දී ශ්‍රී ලංකා රේගුවෙහි ආයතනික, පරිපාලනමය සහ මෙහෙයුම් ක්‍රියාවලිය ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අදාළ නිර්දේශද මෙයට ඇතුලත් කර තිබෙනවා.

එමෙන්ම වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද සඳහන්.

රේගුව සම්බන්ධයෙන් එල්ල වන විවිධ චෝදනා හා සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතාවයන් පිළිබඳ විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම සඳහා 2021 පෙබරවාරි මස 24 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සය පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කර තිබෙනවා.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන (වර්තමාන මුදල් ලේකම්), ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළෙඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වනවා.

Related posts

Leave a Comment