ඇමරිකානු කලාත්මක පිහිනුම් ක්‍රීඩිකාවක් වන ඇනිටා අල්වාරෙස් ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේදී ක්ලාන්ත වී තිබෙනවා.
පසුව ඇගේ පුහුණුකරු විසින් තටාකයේ පතුලේ සිටියදී ඇයව බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බුඩාපෙස්ට්හි පැවති ඒකල නිදහස් අවසන් තරගය අවසන් කිරීමෙන් පසු 25 හැවිරිදි ඇය හුස්ම ගනිමින් නොසිටි බවයි පැවසෙන්නේ.
එක්සත් ජනපද පිහිනුම් කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් පවසා ඇත්තේ ඇය සුව අතට හැරෙමින් සිටින බවයි.
මීට පෙර පසුගිය වසරේ බාර්සිලෝනා හි පැවති ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයකදී ද ඇය මෙලෙසම ක්ලාන්ත වී ඇති අතර, එම අවස්ථාවේදී ද පුහුණුකරු ඇන්ඩ්‍රියා විසින් ඇයව බේරා ගෙන තිබෙනවා.
