අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණවලදී වාර්තා වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් “ගෝඨාගෝගම” ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ජුලි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
රජයට සහ ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව පසුගිය ජුනි 09 සහ 10 යන දිනවල මෙම විරෝධතා පැවැත්වුණා.
ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දස දෙනා ඊයේ (22) මරදාන පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා , ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, සහ ජෙහාන් අප්පුහාමි ඇතුළු “ගෝඨාගෝගම” ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
