වාහන අංක තහඩුව අනුව ඉන්ධන ලැබෙන හැටි

කිසිඳු විශේෂ වාහන ප්‍රභේදයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර තිබෙනවා.

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකි බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලැබෙන ආකාරය පහත පරිදි වනවා…
අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 – සඳුදා සහ බ්‍රහස්පතින්දා
අංක තහඩුවේ අවසාන ඉලක්කම ඉලක්කම 3, 4 සහ 5 – අඟහරුවාදා සහ සිකුරාදා
අංක තහඩුවේ අවසාන ඉලක්කම ඉලක්කම 6, 7, 8 සහ 9 – බදාදා, සෙනසුරාදා සහ ඉරිදා

කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

Related posts

Leave a Comment