විදුලි අර්බුදය හේතුවෙන් වෙළෙඳසල් වසා දැමීමට නියෝග

විදුලි අර්බුදයට තාවකාලික විසදුමක් ලෙස පාකිස්ථානයේ සින්ද් පළාතේ සියලුම වෙළෙඳසල් සහ සාප්පු සංකීර්ණ එරට වේලාවෙන් රාත්‍රී 9 ට වසා දැමීමට නියෝග කර තිබෙනවා.

විදුලි සැපයුම සහ ඉල්ලුම අතර හිඟය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ව්‍යාපාරික කටයුතු සඳහා උදෑසන කාලය යෙදවිය යුතු බවත් එරට රජය දැනුම්දී තිබෙනවා.

නමුත් වෛද්‍ය ශාලා, ෆාමසි, රෝහල්, ඉන්ධන පිරවුම්හල්, බේකරි සහ කිරි වෙළඳසැල් වෙත මෙය අදාළ නොවනු ඇති.

මේ වන විට පාකිස්ථානයේ බලශක්ති අර්බුදය උග්‍ර අත‍ට හැරී තිබෙන අතර චීන විදුලි බල සැපයුම්වලට අදාළ ගෙවීම් කිරීමට නොහැකි වීම නිසා විදුලි බලය කප්පාදු කිරීමද දරැණු ලෙස සිදුවන බවද සඳහන්.

ඒ අනුව ඔවුන් චීනයට අමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ගෙවිය යුතු බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

Related posts

Leave a Comment