බලශක්ති මිලට ප්‍රතිචාර වශයෙන් බදු කපා හරී

රටේ ඉහළ යන බලශක්ති මිලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාවේ ජාතික පෙට්‍රල් බද්ද මාස තුනකට අත්හිටුවන ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩින් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්ලේෂකයින් පවසන්නේ බද්ද ඉවත් කිරීම පෙට්‍රල් සහ ඩීසල් පිරිවැයට සීමිත බලපෑමක් ඇති කරන බවයි.

නමුත් ඉහළ පෙළ රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු එය “විකාරයක්” ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම මෙම පියවර මූලික වශයෙන් තෙල් හා ගෑස් සමාගම්වලට ප්‍රතිලාභයක් ලැබෙන අසාර්ථක තීරණයක් ලෙසද සඳහන් කර තිබෙනවා.

නමුත් ජනපති පවසන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින් ජනතාවගේ ආතතිය ලිහිල් කිරීමට ඔවුන්ට හැකි දේ කළ යුතු බවයි.

Related posts

Leave a Comment