චීනයේ බැටරි හිඟය සහ සැපයුම් කඩාකප්පල් වීම හේතුවෙන් ජර්මනියේ සහ එක්සත් ජනපදයේ ටෙස්ලා නව කර්මාන්තශාලා දෙක ඩොලර් බිලියන ගණනක් පාඩු ලබා ඇති බව Elon Musk පවසනවා.
ෂැංහයි නගරයේ ටෙස්ලා සතුව විශාල කර්මාන්ත ශාලාවක් ඇති අතර චීනයේ Covid-19 අගුලු දැමීම හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු අඩාල වී ඇති බවද සඳහන්.
එමෙන්ම Elon Musk පවසන්නේ මේ හේතුවෙන් ඉදිරියේදී රැකියා කප්පාදුවක් පවා සිදු කිරීමට සිදුවනු ඇති බවයි.
