ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා අවසන් තරගය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන හා අවසන් එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ අද පස්වරු 02:30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

ශ්‍රී ලංකා පිළ 3 ට 1 ක් වශයෙන් මේ වන විටත් තරගාවලිය ජයගෙන අවසන්.

මේ අතර අසීරු වාතාවරණයකදී ශ්‍රී ලංකාවට පැමිණි ඔඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද දිනයේදී ගෞරවයක් ලබා දීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අද පැවැත්වෙන අවසන් එක්දින තරගයේ සුදානම් වෙමින් සිටිනවා.

ඒ කහ වර්ණයෙන් යුත් ඇඳුමින් සැරසී අද තරගය නැරඹීමට එක් වෙමින්.

Related posts

Leave a Comment