සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවති තෙවෙනි 20-20 තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දු වාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රස කර ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දු වාර 17ක් අවසානයේ කඩුලු 3ක් දැවී තරගයේ ජය ලබා ගත්තා.
කෙසේ නමුත් දෙරට අතර පැවති තරගාවලියේ තරග 2ට 1ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය වාර්තා කළා.
