මැලේසියානු මහකොමසාරිස් සහ අධිකරණ ඇමති අතර හමුවක්

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැන් යන්ග් තායි (Tan Yang Thai) මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ, අධිකරණ අමාත්‍යාංශයේදීයි.

මෙහිදී දෙරට අතර පවතින වෙළඳ සහ රාජතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ද්වීපාර්ශවික සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින බවත් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සඳහා මැලේසියානු රජයේ සහයෝගය අතිශයින් වැදගත් බවත් අමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අවශ්‍ය සෑම අවස්ථාවකදීම තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත්, මහකොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කළා.

Related posts

Leave a Comment