වෝන් – මුරලි කුසලානය අද ඇරඹේ – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි පෙරවරු 10ටයි.

අද ආරම්භ වන තරගය ඕස්ට්‍රේලියා හිටපු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් අනුස්මරණය සඳහා වෙන්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එමෙන්ම මෙම තරගාවලිය වෝන් – මුරලි කුසලානය ලෙස ද නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර පැට් කමින්ස් ඕස්ට්‍රේලියා පිලේ නායකයා ලෙස කටයුතු කරනවා.

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට දෙකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

Related posts

Leave a Comment