රැකියාවල නිරත කාන්තාවන්ගේ තත්ත්වය අනාරක්ෂිත බවට චෝදනා

පාකිස්ථානයේ, කරච්චි නගරයේ කොන්ත්‍රාත් පදනම මත කර්මාන්තශාලා වල සේවය කරන මිලියන හතරක පමණ කාන්තාවන්ට ඔවුන්ගේ සේවායෝජකයන් විසින් නිසි අයිතිවාසිකම් ලබා නොදෙන බව අනාවරණය වී තිබෙනවා.

කරච්චියේ මව්වරුන්, සහෝදරියන් සහ දියණියන්ට සිය සේවය අතරතුර මූලික පහසුකම් නොලැබෙන බව පාකිස්ථාන දේශපාලන පක්‍ෂයක් වන ජමාත්-ඊ-ඉස්මි හි (Jamat-e-Islami (JI)) ප්‍රධානී හසිෆ් නයීම් (Hafiz Naeem-ur-Rehman) පවසනවා.

මේ අතර, පළාත් බලධාරීන්ගේ දුර්වල පාලනය මධ්‍යයේ කරච්චියේ වීදිවල අපරාධ පෙර නොවූ විරූ මට්ටමට ඉහළ ගොස් ඇති බවද සඳහන්.

ගෙවීගිය මාසය තුළ නගරයේ යතුරුපැදි 1600 ක් පැහැරගෙන ගොස් හෝ සොරකම් කර තිබෙන බව වාර්තාවල දැක්වෙනවා.

මීට අමතරව රාමසාන් සමයේදී ජංගම දුරකථන 1800කට අධික ප්‍රමාණයක් සහ වෙනත් වාහන 121ක් සොරකම් කර තිබෙනවා.

අගනගරයේ වීදි අපරාධ සිදුවීම්වලදී පුරවැසියන් හත් දෙනෙකු මිය ගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

මේ හේතුවෙන් විශේෂයෙන් රැකියාවල නිරත කාන්තාවන්ගේ තත්ත්වය වඩාත් අනාරක්ෂිත බව ඔහු පෙන්වා දෙනවා.

Related posts

Leave a Comment