IMF සංචාරය අවසන්

IMF

දස දින සංචාරය නිමා කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනෙන් නික්ම ගොස් තිබෙනවා.

එමෙන්ම ඔවුන් මෙරට බලධාරීන් සමඟ සාර්ථක සහ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවට විස්තීර්ණ අරමුදල් සම්පාදනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට නම්, ණය ස්ථායිකරණය සම්බන්ධයෙන් මෙරට ණය හිමියන්ගේ සහතිකයක් අවශ්‍ය බව සඳහන්.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දීර්ඝ කාලීන බදු ප්‍රතිසංස්කරණය කිරීමක් අවශ්‍ය බවත්, ඒවා මඟින් උද්ධමනය ඉහළ නොයා යුතු බවත් එහි දැක්වේ.

Related posts

Leave a Comment