රුසියාවේ සයිබර් අපරාධ කණ්ඩායමකට සම්බන්ධ කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට

හිටපු කැනේඩියානු රජයේ තොරතුරු තාක්ෂණ සේවකයෙකු තමන් රුසියානු සයිබර් අපරාධ කණ්ඩායමකට සම්බන්ධ ඉහළ මට්ටමේ හැකර්වරයෙකු බව පිළිගෙන තිබෙනවා.

කැනඩාවේ ක්විබෙක්හි පදිංචි Sebastien Vachon-Desjardins විසින් මෙසේ ෆ්ලොරිඩා අධිකරණයකදී වරද පිළිගෙන ඇති බව සඳහන්.

34 හැවිරිදි මෙම නිළධාරියා NetWalker ransomware කාර්ය මණ්ඩලයට අනුබද්ධව සිටි අයෙකි.

ඔහු සමාගම්, මහ නගර සභා, රෝහල්, පාසල් සහ විශ්ව විද්‍යාලවල තොරතුරු පද්ධති රැසකට මෙසේ පහරදී තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ඩොලර් මිලියන 27ක් (පවුම් මිලියන 22.2ක්) බිට්කොයින් තිබෙන බවද අනාවරණය වී තිබෙනවා.

මෙය රුසියාව පදනම් කරගත් සයිබර් අපරාධ කණ්ඩායමක් සඳහා වැඩ කරන හැකර්වරයෙකු සාර්ථක ලෙස අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ දුර්ලභ අවස්ථාවක් වනවා.

Related posts

Leave a Comment