චීනයේ ගොඩනැගිලි කිහිපයක් වසා දැමේ

චීනයේ විශේෂ පරිපාලන ඒකකයක් වන මැකාවු හි බලධාරීන් නේවාසික ගොඩනැගිලි කිහිපයක් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ, කොවිඩ් අසාදිතයන්ගේ ඉහළ යාම පාලනය කිරීමේ උත්සාහයක් ලෙසයි.

නගරයේ බොහෝ ආයතන වසා දමා ඇති අතර එහි බොහෝ දුරට විවෘතව පවතින්නේ කැසිනෝ මධ්‍යස්ථාන කිහිපයක් පමණයි.

පසුගිය සතියේ දිනක දී නව කොවිඩ් ආසාදිතයින් 39 ක් වාර්තාවීමත් සමග ගොඩනැගිලි 12 ක් පමණ මෙසේ අගුලු දමා තිබෙනවා.

ඒ අනුව නිවැසියන්ට පිටවීම තහනම් කර ඇති බව පළාත් පාලන ආයතනය නිවේදනය කළා.

මේ වන විට 5,000 කට වැඩි පිරිසක් අනිවාර්ය නිරෝධායනයකට ලක් කර ඇති අතර මේ සතියේ දෙවන වරටත් එහි 600,000කට වැඩි පදිංචිකරුවන් කොරෝනා වෛරස පරීක්ෂාව සදහා යොමු කර තිබෙනවා.

මීට අමතරව මැකාවු හි තාවකාලික රෝහලක් විවෘත කිරීමටද අපේක්ෂා කෙරේ.

Related posts

Leave a Comment