අතහැර දැමූ ලොරි රථය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ නගරයට නුදුරින් අතහැර දමා ගිය ලොරි රථයක තිබී මියගිය පුද්ගලයින් 53 දෙනෙක්ගේ සිරුරු හමුවීම සම්බන්ධයෙන් එම ලොරි රථයේ රියදුරුට චෝදනා එල්ල වී තිබෙනවා.

එරට පොලිසිය විසින් රියදුරු සැමෝරාව මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

මෙය එක්සත් ජනපද ඉතිහාසයේ සිදුවූ මාරාන්තික මිනිස් ජාවාරම ලෙස බලධාරීන් හඳුන්වා තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් දෙවැනි සැකකරුවෙක්ද කුමන්ත්‍රණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා

සැමෝරානෝගේ දුරකථනය හරහා සොයා බැලීමෙන් පසුව ක්‍රිස්ටියන් මාර්ටිනස් නැමැති දෙවැනි සැකකරු සොයාගෙන ඇති බව සඳහන්.

Related posts

Leave a Comment