විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු සහ කැනේඩියානු ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.
මේ අතර, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, ගැනුම් අනුපාතිකය රුපියල් 357.16 ක් සහ විකුණුම් මිල රුපියල් 368.41 ක් ලෙස සටහන් වනවා.

