අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක පුද්ගලයින් 12,000කට පීඩා

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක පුද්ගලයින් 12,289 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

කාලගුණය ආශ්‍රිත සිදුවීම්වලින් ද පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

පුද්ගලයන් 2,374 දෙනෙකු තාවකාලික නිවාස 15කට යොමු කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිය නවතම තත්ව වාර්තාවෙන් තහවුරු කළේ.

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා නිවාස 326 කට අර්ධ හානි සිදුව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

පුද්ගලයින් 6,865 දෙනෙකු පීඩාවට පත්ව ඇති වැඩිම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්කය රත්නපුරයි. දිස්ත්‍රික්කයේ නිවාස 216කට ද හානි සිදුව තිබෙනවා.

මේ අතර, නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කාර්තුවේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Related posts

Leave a Comment