නැන්සි පෙලෝසි තායිවානයේ තායිපේ අගනුවරට යයි

ආසියාවේ සංචාරයක යෙදෙන ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි, චීනයේ දැඩි විරෝධය මැද තායිවානයේ තායිපේ අගනුවර බලා පැමිණ තිබෙනවා.

තායිවානය යනු චීනය අසල පිහිටි කුඩා දූපත් රාජ්‍යයකි.

අතීතයේ තායිවානය චීනයට අයත් කොටසක් වුවත්, වර්තමානයේ තායිවානයට වෙනම පාලනයක් තිබෙනවා.

චීනයෙන් වෙන් වී ගියත් චීනයේ තවමත් පවසන්නේ තායිවානය එරට කොටසක් බවයි.

මේ හේතුවෙන් තායිවානය විදෙස් සබඳතා පැවැත්වීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබෙනවා.

එමෙන්ම ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, තායිවාන රජයට සහාය පළ කළා.

82 හැවිරිදි පෙලෝසි, බයිඩන් නියෝජනය කරන ඩිමොක්‍රටික් පාක්ෂිකාවකි.

එසේ වුවත් කතා නායිකාව තායිවානයේ සංචාරය කිරීම සිදුවන්නේ බයිඩන් පරිපාලනයේ අනුග්‍රහය යටතේ නොවන බව බයිඩන් පරිපාලනය චීනයට දන්වා තිබීම විශේෂත්වයක්.

Related posts

Leave a Comment