2022 ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා තිබෙනවා.
ඒ අනුව ලබන 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
එහි පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය තරග වැදීමට නියමිතව තිබෙනවා.
මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය, ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුද සැලකිල්ලට ගෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට පසුව තීරණය කෙරුණා.

