පැතුම් කර්නර්ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කර තිබෙනවා.

කෙසේවෙතත් සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය නියම කළා.  

පසුගිය ජුලි මස 13 වනදා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ කලහකාරී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා.  

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පැතුම් කර්නර් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විරෝධතාවක් මතුකරමින් තම සේවාදායකයාගේ ඡායාරූප පුවත්පත්වල හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වී ඇති නිසා එම පෙරෙට්ටුව පැවැත්වීමේ නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්නා.  

කෙසේ වෙතත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා යොමු කිරීමට නියෝග කළා.  

ඉන් අනතුරුවයි ඔහු ඇප මත මුදාහැරීමට නියම කළේ.

Related posts

Leave a Comment