පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අතුරුදන්

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි තවත් ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩකයෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා.  

අතුරුදහන් වූ මල්ලවපොර ක්‍රීඩකයා අගෝස්තු 06 වන දින මල්ලවපොර තරඟයේ ඔහුගේ පළමු වටයේ ඉසව්වට තරඟ කිරීමට සූදානම්ව සිටි නමුත් COVID-19 ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු ඔහුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වෛද්‍ය මධ්‍යස්ථානයට මාරු කර යවා තිබෙනවා.  

ඔහු දෙවන අහඹු පරීක්ෂණයෙන් (Rapid Antigen) සමත් වීමෙන් පසුව ඔහුව නිදහස් කිරීමට නියමිතව තිබූ නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරිත්වය ඔහුව මධ්‍යස්ථානයෙන් රැගෙන යාමට පැමිණි විට ක්‍රීඩකයා අතුරුදහන් වී ඇති බවට වාර්තා වී තිබෙනවා.  

මීට පෙර ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩකයෙකු සහ ජූඩෝ කණ්ඩායමේ නිලධාරියෙකු ද අතුරුදන් වූ බව වාර්තා වුණා.  

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩා උළෙලේ ආරක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා.

Related posts

Leave a Comment