2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් මහා තරගයේ තෙවැනි ස්ථානයට පත්වෙමින් යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණා.
ඒ සඳහා ඔහු තත්පර 10.14ක් ගතකර තිබුණා.
ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස යුපුන් අබේකෝන්ගේ නම සටහන් වනවා.
මේ අතර පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර පිරිමි F42-44/61-64 කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා.
ඒ මීටර් 44.20ක දුරක් වාර්තාකරමින්.
