The Game ඕස්ට්‍රේලියාවට

රංජන් රාමනායක, ශ්‍රියන්ත මෙණ්ඩිස්, ජනිත් වික්‍රමගේ, බුද්ධික ජයරත්න, තරින්දි ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන The Game චිත්‍රපටය මේ වන විට දිවයින පුරා සිනමා ශාලා රැසක අති සාර්ථක අයුරින් ප්‍රදර්ශනය වනවා.  

එළඹෙන සතියේ සිට The Game චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේද ප්‍රදර්ශනය ආරම්භ කිරීමටද කටයුතු යොදා තිබෙනවා.  

මෙල්බන්, සිඩ්නි, ටස්මේනියාව සහ පර්ත් යන ප්‍රදේශවල අගෝස්තු මස තුළදී The Game චිත්‍රපටය තිරගත වනවා.  

එමෙන්ම ඉදිරි කාලය තුළදී ශ්‍රී ලාංකිකයන් වෙසෙන රටවල් රැසක මෙම චිත්‍රපටය තිරගත කරන බවයි වාර්තා වුණේ.  

රන්ජන් රාමනායක සිරගත කිරීමට ප්‍රථම අවසාන ලෙස රංගනයෙන් දායක වූ චිත්‍රපටය වන්නේ The Game චිත්‍රපටයයි.

Related posts

Leave a Comment