චීනයෙන් තායිවානය ආසන්නයට මිසයිල ප්‍රහාර

එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ නැන්සි පෙලෝසි දිවයිනට පැමිණීමෙන් අනතුරුව දැවැන්ත යුද අභ්‍යාසවල කොටසක් ලෙස චීනය විසින් තායිවානය ආසන්නයේ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.  

චීනය විසින් තායිවානයේ ඊසානදිග සහ නිරිතදිග වෙරළ තීරයට බැලිස්ටික් මිසයිල 11 ක් දියත් කළ බවයි තායිවානය පවසන්නේ.  

චීන මිසයිල පහක් තම දේශ සිමාවටද පතිත වූ බවත්, අභ්‍යාස ‘වහාම නතර කරන ලෙස’ ඉල්ලා සිටින බවත් ජපානය පැවසුවා.  

එක්සත් ජනපද කථානායකවරියගේ මෙම සංචාරය චීනය දුටුවේ තායිවානය කෙරෙහි ස්වෛරීභාවය පිළිබඳ තම ප්‍රකාශයන්ට අභියෝගයක් වශයෙන්.

Related posts

Leave a Comment