ජනපති සහ සජිත් අද හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.  

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, යෝජිත පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.  

ඒ අනුව අද (05) පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට SJB පක්ෂ නායකයින් සහභාගී වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ.  

රට ඉදිරියට ගෙන යාම සඳහා රජය ගෙන යන පොදු අවම වැඩපිළිවෙල පිළිබඳව ද සාකච්ඡා කරන බව ද ඔහු පැවසුවා.  

පාර්ලිමේන්තු කාරක සභා ක‍්‍රමය හරහා රජයට ධනාත්මක අංශවලින් සහය ලබාදෙන බවයි තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ.  

පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා රටට අවශ්‍ය පොදු අවම වැඩපිළිවෙල සඳහා විපක්ෂය ද අදහස් ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළා.

Related posts

Leave a Comment