නිවසක නිදන කාමරයක් තුළට වැටුණු කඳුකර කොටියා (PHOTOS)

සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කඳුකර කොටියෙකු වතු නිවසක වහල මතට පනින අවස්ථාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට වැටි නිවස තුළ කොටු වී තිබෙනවා.  

ඒ ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ වතු නිවසකට (04) දින රාත්‍රි 10 ට පමණයි.  

කඳුකර කොටියා නිවස තුලට වැටෙනවාත් සමග නිවසේ පදිංචිකරුවන් කලබල වි නිවසේ දොර වසා දමා එළියට දිවගොස් දිවි බේරාගෙන තිබෙනවා.  

නිවස තුළ කොටු වී සිටි කඳුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා එම ස්ථානයට පැමිණි නිවස තුළ පැය 16 ක් කලබලකාරි ලෙස හැසිරෙමින් සිටි කඳුකර කොටියා දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර අල්ලා ආරක්ෂිත කුඩුවක දමා රැගෙන ගියා.  

නිර්වින්දනය කර අල්ලා ගත් කඳුකර කොටියා සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන බවයි නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

Related posts

Leave a Comment