ශ්‍රී ලංකාවේ ප්‍රථම කාර්යය පිළිබදව ජනපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාර්යය ආර්ථිකය ස්ථාවර කිරීම බවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ගිවිසුම් හරහා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.  

ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් බවයි අද දින Advocata විසින් සංවිධානය කරන ලද උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 

 ‘මම හිතන්නේ වෙනත් මාර්ගයක් නැහැ. ජනතාව විකල්ප ක්‍රියාමාර්ග ගැන කතා කරනවා, නමුත් එය සාර්ථක වී නැහැ,’ ලෙසයි ඔහු පැවසුවේ.  

2008-2009 ආසියානු අර්බුදය සහ ආර්ථික අවපාතය අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වී සහය වූ බව ප්‍රකාශ කළ ඔහු, අප කැමති වුවත් නැතත් ශ්‍රී ලංකාවට IMF සමඟ ගනුදෙනු කිරීමට සිදුවන බව ද සඳහන් කළා.  

‘පළමුව, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පොරොත්තු හෝ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹිය යුතුයි. මෙය මුළු පාර්ලිමේන්තුවම සලකා බැලිය යුතු ප්‍රශ්නයක්,’ බවද ඔහු සඳහන් කළා.  

කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ කිසියම් පක්ෂයක් මේ සඳහා සහය නොදක්වන බව ප්‍රකාශ කළහොත් ඒ සඳහා ලබාදෙන විසඳුම හෝ විකල්ප පිළිබඳව ප්‍රශ්න කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.  

‘සියලු පාර්ශ්වයන් මෙම ගිවිසුම්වලට අවනත විය යුතුය. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන විට අපට මුහුණ දීමට සිදු වන විශාලතම ප්‍රශ්නය වන්නේ රජයේ වෙනස්කම් සහ ප්‍රතිපත්ති වෙනස් කිරීමයි. එබැවින් පළමු ප්‍රශ්නය හරය නොවේ, නමුත් අපි නැගී සිටීමට සූදානම්ද? මෙම ගිවිසුමට සහාය දෙනවාද? ”ලෙස ඔහු එහිදී ප්‍රශ්න කළා.  

පක්‍ෂ සුදානම් නොවන්නේ නම් එහි ප්‍රතිඵලවල වගකීම පාර්ලිමේන්තුව භාරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.  

පාර්ශ්වවලට තමන් ගිවිසුමෙන් අඩකට සහය දක්වන බවත් අනෙක් භාගයට විරුද්ධ බවත් ප්‍රකාශ කළ නොහැකි අතර, ඔවුන් සම්පූර්ණ ගිවිසුමට එකඟ විය යුතු වනවා.  

එය තිත්ත විය හැක, නමුත් සුවය සඳහා ඕනෑම ඖෂධයක් තිත්ත වේ. එන්නත් ගන්න වෙනවා. ඒ නිසා අපි යා යුතු මාර්ගය අපි දන්නවා ලෙසයි ඔහු සන්ධාන කළේ.  

පළමුව, කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අප සතුව ඇති බවත්, දෙවනුව, වඩා වැදගත් වන්නේ තිරසාර ණය බවත්, තිරසාර ණය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අප සලකා බැලිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

Leave a Comment