ඛනිජ තෙල් සඳහා නව සමාගම් ඇගයීමට සැරසේ

ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කර තිබෙනවා.

මෙම කමිටුව ඊයේ පත් කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා Twitter පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් එකට අමතරව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් ඊයේ පත් කෙරුණා.

මාසයක් ඇතුළත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ යෝජනා කිරීම කමිටුවට පැවරී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එම කමිටුවට මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ, ලංවිම හිටපු සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් ඇතුළත්ව සිටිනවා.

අනෙකුත් කමිටු සාමාජිකයින් පහත පරිදි වනවා…

තිලාන් විජේසිංහ – හිටපු සභාපති, ආයෝජන මණ්ඩලය
සාලිය වික්‍රමසූරිය – සභාපති, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සහ අධ්‍යක්ෂ ජනරාල්, වරාය නගර ආර්ථික කොමිෂන් සභාව
ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන – රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු නීති උපදේශක
නීතීඥ හර්ෂ ප්‍රනාන්දු – නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ
චන්දන විජේසිංහ – අධ්‍යක්ෂ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

Related posts

Leave a Comment