අතුරුදන් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු සොයා ගනී

එංගලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාගෙන්, දෙදෙනෙකු සොයා ගෙන ඇති බව Mirror UK වාර්තා කරනවා.

බර්මින්හැම්හිදී අභිරහස් ලෙස අතුරුදන් වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු මේ වන විට සොයාගෙන ඇති නමුත් තෙවැන්නා තවමත් අතුරුදන්ව සිටින බවයි බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිසිය තහවුරු කර ඇත්තේ.

ඒ අනුව අවුරුදු 30 ක කාන්තාවක් සහ 40 හැවිරිදි පිරිමියෙක් සොයාගෙන තිබෙන බව වෙස්ට් මිඩ්ලන්ඩ්ස් පොලිසිය පැවසුවා.

මල්ලවපොර ක්‍රීඩකයෙකු, ජූඩෝ ක්‍රීඩකයෙකු සහ ජූඩෝ පුහුණුකරුවෙකු අතුරුදහන් වීමෙන් පසු, නිලධාරීන් විසින් බර්මින්හැම් හි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරිව සිටි සියලුම සාමාජිකයින්ගේ ලිපි ලේඛන තමා සන්තකයට ගෙන තිබෙනවා.

අතුරුදන් වූ තුන්වැනි පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

Leave a Comment