චීන – තායිවාන අර්බුදය මැද ජපානයේ සිදුවන දේ

ජපානය කැබිනට් සංශෝධනයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපන් අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා ඒ පිළිබඳ ඉගි පල කර ඇති බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව වර්තමානයේ ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නෝබෝ කිෂී එම ධූරයෙන් ඉවත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවට ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

නෝබෝ කිෂීගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු ආරක්ෂක අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ජපානය සඳහන් කළා.

නමුත් චීන – තායිවාන අර්බුදය මධ්‍යයේ ජපානය මෙලෙස එරට රජයේ ප්‍රදාන තනතුරු දරන පුද්ගලයින් වෙනස් කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවදානයට යොමු වී තිබෙනවා.

Related posts

Leave a Comment