දමිතා, රැට්ටා, ස්ටාලින් ඇතුළු අට දෙනෙකුට ශරීර ඇප

පසුගිය මැයි 25 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසළ අයුතු ජනරාශියකභ සාමාජිකයන්ව සිටිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවන් 8 දෙනෙක් ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින්. ඒ අනුව අධිකරණය නිකුත් කළ නොතිසි මත අද අධිකරණය හමුවේ පෙනී සිටි දමිතා අබේරත්න, සත්‍යවේල් පියතුමා,රතිදු සේනාරත්න හෙවත් රැට්ටා, ජගත් මනුවර්න සහ ජෝසෆ් ස්ටාලින් ඇතුළු අට දෙනෙක් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

පසුගිය මැයි මස 25 වැනිදා මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසළ රැඳී සිටි මෙම පිරිස පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බන්ධනාගාර බස් රථයකට පහර දීම හා අයුතු ජනරාශියක සාමාජිකයන් හෝ සිටි බවයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ.

පොලිසිය විසින් වංචා සහගත ලෙස මෙම සැකකරුවන්ට එරෙහිව මෙම චෝදනා ගොනු කර ඇති බවයි මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ.

සැකකරුවන් ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුව නැවත නොවැම්බර් මස 28 කැඳවීමට නියෝග කළා.

මෙහිදී පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හට කොම්පඤ්ඤ වීදිය පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදීමටද නියෝග කළා.

Related posts

Leave a Comment