ගං වතුර හේතුවෙන් දකුණු කොරියාවේ පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට

අයහපත් කාලගුණ තත්වයත් සමඟ හටගත් ගං වතුර හේතුවෙන් මේ වනවිට දකුණු කොරියාවේ පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේම තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි මහාමාර්ග සහ දුම්රිය මාර්ග ජලයෙන් යටව ඇති අතර, විදුලිබලයද ඇණහිට තිබෙනවා.

එරට කාලගුණ අංශ පෙන්වා දෙන්නේ වසර 80 කට පසුව දකුණු කොරියාවට ඇද හැලුනු වැඩිම වර්ෂාපතනයද මෙය බවයි.

Related posts

Leave a Comment