සේන් ගංගාවේ දැවැන්ත තල්මසෙක් සිර වෙයි

ප්‍රංශයේ සේන් ගංගාවේ බෙලූගා වර්ගයේ දැවැන්ත තල්මසෙක් සිර වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

මන්දපෝෂණයෙන් පෙළෙන බව පෙනෙන බෙලූගා මුලින්ම දක්නට ලැබී ඇත්තේ පසුගිය සතියේ Seine අසන්නයේදියි.  

තල්මසා මාරු කිරීම අවදානම් සහිත අතර උණුසුම්, ලුණු රහිත ගංගා ජලයේ වැඩි කාලයක් මෙම බෙලූගා තල්මසාට රැඳී සිටිය නොහැකි බවයි ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් පැවසුවේ.  

කෙසේවෙතත් මීටර් හතරක් දිග (අඩි 13ක් දිග) තල්මසාව ඊසානදිග ප්‍රංශ වරාය නගරයක් වන Ouistreham හි වෙරළබඩ ස්ථානයකට ප්‍රවාහනය කිරීමට වෛද්‍ය කණ්ඩායමක් විසින් සැලසුම් කර තිබෙනවා.

Related posts

Leave a Comment