නේපාලයෙන් ඉන්දියාවට විශේෂ තහනමක්

නේපාලය විසින් ඉන්දියාවේ පුද්ගලයින්ට රට තුළට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

ඒ කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ ඉන්දියානු සංචාරකයින් සිව් දෙනෙකු ආපසු හරවා යැවීමෙන් පසුවයි.

ඉන්දීය සංචාරකයින් සිව්දෙනා බටහිර නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ ජුලාගාට් දේශසීමා ස්ථානය හරහා නේපාලයට ඇතුළු වී තිබුණා.

එහිදී ඉන්දියානුවන් සඳහා කොවිඩ් පරීක්ෂණ වේගවත් කර ඇති බවයි බයිටාඩි හි සෞඛ්‍ය කාර්යාලය පැවසුවේ.

ඉන්දියාවෙන් ආපසු පැමිණි බොහෝ නේපාල පුරවැසියන් කොවිඩ් සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ආසාදන වැඩිවීම හේතුවෙන් ඉන්දියානු සංචාරකයින් නේපාලයට ඇතුළුවීම නිලධාරීන් විසින් නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අසල්වැසි ඉන්දියාව සමඟ දේශසීමා බෙදා ගන්නා බැවින් බයිටාඩි දිස්ත්‍රික්කය දැඩි අවදානමකට ලක්ව තිබෙන අතර දැනට, බයිටාඩි හි සක්‍රීය කොවිඩ් රෝගීන් 31 ක් සිටිනවා.

ඊයේ (09) දිනයේදී නව කොවිඩ් ආසාදන 12,751 ක් තහවුරු වීමෙන් පසු ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 44,174,650 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, නේපාලය මේ වන විට කොවිඩ් රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් අත්විඳිමින් සිටින අතර ඊයේ රට පුරා නව ආසාදන 1,090 ක් වාර්තා වී තිබෙනවා.

නේපාලයේ කොවිඩ් වෛරස් රෝගීන් සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ.

Related posts

Leave a Comment