WhatsApp සඳහා නව විශේෂාංග තුනක්

WhatsApp සඳහා නව විශේෂාංග තුනක් හඳුන්වා දීමට සූදානම් වන බව Meta platforms CEO, Mark Zuckerberg නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, නව විශේෂාංග තුනට පහත දෑ ඇතුළත් වනු ඇති.

  1. කිසිවෙකුටවත් දැනුම්දීමකින් තොරව ඔබ සිටින Group වලින් ඉවත් වීමට හැකි වීම
  2. ඔබ Online සිටින විට දැකිය හැක්කේ කාටද යන්න පාලනය කිරීමට හැකි වීම
  3. එක් වරක් පණිවිඩයක් බැලීමේදී එහි Screen Shot ගැනීම වැළැක්වීම

මෙම නව විශේෂාංග 03 හැකි ඉක්මනින් ලබාදෙන බවයි සකර්බර්ග් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Related posts

Leave a Comment