චීනයෙන් තවත් නව වෛරසයක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නැගෙනහිර චීනයේ ලංග්‍යා නම් තවත් වෛරස විශේෂයක් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

මේ වනවිට ලංග්‍යා වෛරසය ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එසේම මෙම වෛරසය මිනිසුන් ඇතුළු ක්ෂීරපායි සත්ත්වයන්ට බලපාන බව සඳහන්.

විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරන්නේ මාරාන්තික නොවුණත්, තද උණ, කැස්ස, වමනය වැනි රෝග ලක්ෂණ මෙන්ම සිරුරේ රුධිර පට්ටිකා අඩු කිරීමට ද මෙම වෛරසය හේතුවන බවයි.

Related posts

Leave a Comment