යුරෝපා සංගම් තානාපතිවරු ජනපති හමු වෙයි

GSP+, IMF සහ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස මෙරට සිටින යුරෝපා සංගම් තානාපතිවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී දැනුම් දී තිබෙනවා.  

මෙම ක්‍රියාවලීන් සාර්ථක කර ගැනීම සඳහා රජය විසින් ස්ථිර පියවර ගනු ඇති බවයි යුරෝපා සංගමය බලාපොරොත්තු වන්නේ.  

එම සංගමයේ මෙරට සිටින යුරෝපා සංගම් තානාපතිවරු පිරිසක් ඊයේ (10) කොළඹදී ජනාධිපතිවරයා හමු වූ අතර එහිදී ඔවුන් අවධාරණය කළේ සිවිල් සහ මානව හිමිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතියට ඇති අයිතිය ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවයි.  

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමය Twitter පණිවිඩයක් ද නිකුත් කර තිබෙනවා.

Related posts

Leave a Comment