රන්ජන්ට ජනපති සමාව ලබා දීම පිළිබදව අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කළ යුතු බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.  

දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා සමාව අයැද සිටින්නේ නම්, ඔහුට සමාව දිය යුතු බව බලධාරීන්ගේ අදහස වී ඇති බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.  

ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සඳහා නීතිපති උපදෙස් සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වාර්තාව ලබාගත් බවත් සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව කොන්දේසියක් යටතේ සමාව දීම සුදුසු බව නිර්දේශ කළ බවත් ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවා. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතා සැලකිය යුතු වසර ගණනක් සිරදඬුවම් විඳ ඇති බැවින් ඔහුට ජනාධිපති සමාව සඳහා සලකා බැලිය යුතු බවයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ. 

රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය පිළිබඳ තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

Leave a Comment