2022 FIFA ආරම්භක දිනය වෙනස් වෙයි

2022 FIFA ලෝක කුසලානය නොවැම්බර් 20 ඉරිදා පැවැත්වීමට නියමිතව තිබුණද එය දිනකට පෙර ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.  

එහිදී පළමු තරගයේදී සත්කාරක රට වන කටාර් පිල, ඉක්වදෝරයට එරෙහිව තරග වැදීමට නියමිතයි.  

‘A’ කාණ්ඩයේ ආරම්භක තරගය නොවැම්බර් 21 වැනිදා පස්වරු 04:00ට ආරම්භ වීමට නියමිතව තිබූ අතර ටූ ඇමෙන්ට් තරගාවලියේ ආරම්භක තරගය නෙදර්ලන්තය සහ සෙනගාලය අතර සඳුදා පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව තිබුණා.  

කෙසේ වෙතත්, FIFA පරිපාලනය විසින් මෙම කාලසටහනේ වෙනසක් සිදු කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.  

ඒ දකුණු අමෙරිකානු සම්මේලනය වන Conmebol වෙතින් කළ ඉල්ලීමකට අනුවයි.  

ආරම්භක තරගයට සත්කාරක හෝ හිමිකරුවන් සම්බන්ධ කර ගැනීම FIFA සම්ප්‍රදායයි.  

නමුත් අවසාන තීරණය ගනු ලබන්නේ ෆෙඩරේෂන් සභාපතිවරුන් හය දෙනා සහ FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝගෙන් සමන්විත FIFA කවුන්සිල කාර්යාංශය විසින් වනවා.  

එය අපේක්ෂා කළ පරිදි අනුමත වුවද ක්‍රීඩකයින් මුදා හැරීමේ දිනයන් වෙනස් නොවන බව ද එහි සඳහන්.  

නෙදර්ලන්තයට එරෙහිව සෙනගල් තරගය සඳුදා සවස 04:00 ට මාරු වනු ඇත් අතර දැනට පවතින තරඟ හතර වෙනුවට ක්‍රීඩා කරනු ලබන්නේ තරඟ තුනක් පමණි.  

නොවැම්බර් 21 වන දහවල් 01:00 ට පැවැත්වෙන ඉරානය සමඟ එංගලන්තයේ B කාණ්ඩයේ තරඟය මෙන්ම, එම රාත්‍රී 09:00 ට අමරිකා එක්සත් ජනපදයට එරෙහිව වේල්සයේ ආරම්භක තරඟය සඳහා මෙම වෙනස් කිරීම බලපාන්නේ නැහැ.

Related posts

Leave a Comment