මෙවර අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් 7ක්

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ සිදුකෙරුණා.

එහිදී අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 4ක් වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 07 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක තෝරා ගැනුණු අතර භානුක රාජපක්ෂ සහ මහීෂ් තීක්ෂණද චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති.

නොදර්න් වොරියර්ස් කණ්ඩායම සිය ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගව තෝරාගෙත් අතර එම කණ්ඩාම වෙනුවෙන් එක්වන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ දුෂ්මන්ත චමීරයි.

ඊට අමතරව බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ක්‍රීඩා කිරීම සඳහා තෝරා ගැනුණා.

මේ අතර එම තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායමක් වන මොරිස්විල් සෑම්ප් ආර්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සුදුසුකම් ලැබුවා.

අබුඩාබි T 10 ක්‍රිකට් තරගාවලියේ 06 වන අදියර සඳහා කණ්ඩායම් 08 ක් එළඹෙන නොවැම්බර් මස 23 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Image

Related posts

Leave a Comment