2022 Road Safety World Series : දෙවන අවසන් පූර්ව තරගය අද

Road Safety World Series Legends ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30 ටයි.

එහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වදිනවා.

Road Safety World Series Legends ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් පිළට එරෙහිව පළමු තරගය ජයගනිමින් තරගාවලිය ආරම්භ කළා.

අනතුරුව පිළිවෙලින් එංගලන්ත, දකුණු අප්‍රිකා සහ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම් සමඟ පැවති තරග ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජයගත්තා.

තරගාවලියේ සහභාගී වූ තරග 04 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 16ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණේ අවසන් පූර්ව තරගයට තම ස්ථානය තවුරුකරගනිමින්.

UPDATE :

Road Safety World Series Legends ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් මෙම තරගය පැවැත්වෙන දිනය වෙනස්කර තිබෙන බව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගය හෙට (සැප්තැම්බර් 30) දක්වා කල් දමා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 7:30 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම අවසන් මහා තරගය ඔක්තෝබර් 01 වෙනි දින පැවත්වෙන බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

අවසන් මහා තරගයේදී වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත්, කුසලානය අවසන් මහා තරගයට සුදුසුකම් ලද කණ්ඩායම් දෙක අතර සමසේ බෙදී යනු ඇති.

මේ අතර ඊයේ දිනයේ පැවති ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා එම තරගය අද දිනයේදී පැවැත්වෙන බවයි නිවේදනය කර ඇත්තේ.

Related posts

Leave a Comment